Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය සහ ඉන්දියාවේ එක්සිම් බැංකුව ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවකට

රජය සහ ඉන්දියාවේ එක්සිම් බැංකුව ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවකට

රජය සහ ඉන්දියාවේ එක්සිම් බැංකුව ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවකට

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ එක්සිම් බැංකුව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාලව ද්විපාර්ශවික සංශෝධිත එකතාවලට එළැඹ තිබේ.

ඒ, ණය පහසුකම සහ මිලදී ගැනීමේ ණය පහසුකම් සදහායි.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව මෙම ණය සංශෝධන ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ වැදගත් පියවරක් ලෙස සැලකෙයි.

මෙම ද්විපාර්ශවික සංශෝධිත ගිවිසුම් අත්සන් කර ඇත්තේ මාර්තු 25 සහ අප්‍රේල් 03 යන දිනවලදීයි.

ඒ හරහා ඉන්දියානු රජය සමග අමෙරිකානු ඩොලර් මිලියන 930.8ක් පමණ වූ ණය පහසුකම් 8කට සහ මිලදී ගැනීමේ ණය පහසුකම් 4කට අදාල ගිවිසුම් ප්‍රතිව්‍යුහගත කර තිබේ.

Exit mobile version