Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩ

ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ යුනියන් පෙදෙසෙහි පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛාවකට මිලියන 2ක දඩයක් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් අප්‍රේල් 1වනදා සිට දේශීයව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතර, එය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා තිබේ.

මේ වනවිට මි.ලී.500 ජල බෝතලයකට රු.70ක් ලෙසත්, ලීටර් 1 ජල බෝතලයකට රු. 100ක් ලෙසත්, ලීටර් 1.5 ජල බෝතලයකට රු. 130ක් ලෙසත්, ලීටර් 2 ජල බෝතලයකට රු.160ක් ලෙසත් හා ලීටර් 5 ජල බෝතලයක් රු.350ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ඒ අනුව අදාළ සුපිරි වෙළෙඳසැල් ශාඛාවක ලීටරයේ පානීය ජල බෝතලයක් රුපියල් 130ක මුදලකට අලෙවිකිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත් අප්‍රේල් 23වනදා වැටලීමක් සිදුකර තිබේ.

අදාළ සමාගමට එරෙහිව පවරන ලද නඩුව බ්‍රහස්පතින්දා සිකුරාදා දින (08) අලුත්කඩේ අංක 5 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදී එම සුපිරි වෙළෙඳසැල වරද පිළිගෙන ඇත.

ඉන් අනතුරුව මෙම දඩ මුදල නියමකර තිබේ.

Exit mobile version