Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සබරගමු පළාත් අධ්‍යක්ෂවරියක් හා ලේකම්වරයෙක් රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් DMT නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ නිලධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් DMT නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ නිලධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සබරගමු පලාත් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය හා සබරගමු පළාත් සභාවේ හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු ලබන 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා නියෝග කර තිබෙනවා.

සබරගමු පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු අමාත්‍යංශයේ සහකාර සැළසුම් අධ්‍යක්ෂිකා කුසුම්ලතා කුමානායක එලෙස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මග හැර සිටි සැකකාර සහකාර අධ්‍යක්ෂවරිය පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රදේශීය ලේකම්වරයෙකු මෙන්ම සබරගමු පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සංවර්ධන, පළාත් මාර්ග අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කළ දේවප්රියය විජයරාජ මහතාද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙකු මගින් භාර වීමෙන් පසු අත්අඩංගුවට ගැනුණා.

ඇඹිලිපිටිය ප්‍රදේශීය සභාවේ හිටපු කාර්මික නිළධාරිවරයෙක්, විෂය ලිපිකරුවකු සහ ලේකම්වරයෙකුද මිට පෙර මෙම වංචාව ගැන සැකපිට අත් අඩංගුවට ගෙන තිබුණා.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රීඩාංගන ඇතුඵ ව්‍යපෘති 77 කට අදාලව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක වංචාව සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත් ප්‍රධාන සැකකරු සහ සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරිමෙන් පසු බන්ධනාගාර රථය වෙත රැගෙන එද්දි කිහිප දෙනෙකු කුඩ හරස් කරමින් ඔවුන් වීඩියෝගත කිරිම මාධ්‍යවේදීන්ට අවහිර කර තිබෙනවා.

Exit mobile version