Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාධ්‍යවේදී ෆසීර් උසාවියෙන් එළියට ඇද දැමීම ගැන ක්‍රියාමාර්ගයක් ගන්න – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

මාධ්‍යවේදී ෆසීර් උසාවියෙන් එළියට ඇද දැමීම ගැන ක්‍රියාමාර්ගයක් ගන්න – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

මාධ්‍යවේදී ෆසීර් උසාවියෙන් එළියට ඇද දැමීම ගැන ක්‍රියාමාර්ගයක් ගන්න – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්ව ෆසීර් මොහොමඩ් මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව විසින් සුදුසු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන කටයුතු කළ යුතු බවයි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් මාධ්‍යවේදි ෆසීර් මොහොමඩ් මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කරමින් උසාවි ශාලාවෙන් පිටතට ඇද දමා තිබුණා.

ඒ, මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටලයෙන් මංකොල්ලකෑවායැයි පවසමින් පොලිස් නිලධාරීන් පිරිසක් රත්තරන් බඩු වෙළඳසැලක හිමිකරුවෙකුට වධහිංසා කිරීම සහ ඔහුගේ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් වූ එම නඩුව බ්‍රහස්පතින්දා දිනයේදි (24) කැඳවූ අවස්ථාවේදී.

ෆසිර් මෙහොමඩ් මහතා පවසා සිටියේ මෙම සිදුවීම වාර්තාකරණය සඳහා එතැන සිටි එකම මාධ්‍යවේදියාද තමා බවයි.

Exit mobile version