Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් පාලන ආයතන ඡන්දයට ලැබෙන පාසල් නිවාඩුව

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් පාසල් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් පාසල් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පෙට්ටි සහ අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතීන් වෙත භාරදීම සහ ආපසු භාර ගැනීමේ මධ්‍යස්ථාන හා ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ගොඩනැගිලි, අධ්‍යාපන විද්‍යාපීඨ සහ උසස් තාක්ෂණ ආයතන සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 2025 මැයි මස 06වන දින පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්ගේ 2025.04.19 දිනැති ලිපිය මගින් දැනුම් දී ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2025.05.05 දින නිවාඩු ලබා දෙන අතර, 2025.05.07 දින පාසල් නැවත ආරම්භ කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු බව සඳහන් වෙනවා.

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, ඩෙස්ක්, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතුයි.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද පෙට්ටි හා අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කරන හා ආපසු භාර ගන්නා මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ඇමුණුම් 01හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරන මෙන්ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේ දී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බවද වැඩි දුරටත් එම ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා.

Exit mobile version