Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට නව මූහුණක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට නව මූහුණක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට නව මූහුණක්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කර තිබේ.

කමල් අමරසිංහ මහතා දැනට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබයි.

දැනට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා රාජ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රයක තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරේ රාජකාරිවලින් තමා මුදා හරින ලෙස සිදු කළ ඉල්ලීමක් හේතුවෙන් මෙම නව පත්වීම සිදුකර ඇත.

Exit mobile version