Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ ගත වූ කාලය තුළ රිය අනතුරු වලින් 713ක් ජීවිතක්ෂයට

අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල වැඩිවීමක්, මරණ 92ක්

අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල වැඩිවීමක්, මරණ 92ක්

වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය සදහන් කළේ එම පුද්ගලයින් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685 කින් බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරු 31ක අඩුවීමක් වාර්තා වී ඇත. ඒ අනුව ගිය වසරේ රිය අනතුරු 713කින් 744 දෙනෙකු මියගොස් තිබුණි.

මේ අතර උත්සව සමයේ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 105 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සදහන් කළේය.
ඔවුන් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 103 කින්. පොලීසිය පැවසුවේ එම කාලය තුළ රිය අනතුරු 934 සිදුව ඇති බවයි.

පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 23ක අඩුවීමක් වාර්තා වී තිබේ.

ඒ අනුව ගිය වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 126 කින් 128 දෙනෙකු මියගොස් තිබුණි.

Exit mobile version