Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800කට නඩු

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800කට නඩු

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800කට නඩු

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

ඒ අප්‍රේල් 13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එමෙන්ම අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව, නැවතත් කොළඹට පැමිණිම හේතුවෙන් මාර්ගවල වාහන සංඛ්‍යාව වැඩි විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

එබැවින්, අපරීක්ෂාකාරි ලෙස රිය ධාවනයෙන් වළකින්නැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියැදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Exit mobile version