ඉතිහාසයේ පළමුවරට මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක මට්ටම ඉක්මවා ගොස් තිබේ.
නැව් සහ ගුවන් යානා ඉන්ධන සැපයුම් පරිමාවන් ඉහළ යාම ඊට ප්‍රධානම හේතුව බව මහ බැංකුව සඳහන් කළේය.
එසේම, රතු මුහුද ආශ්‍රිත නැව් ගමනාගමනයට ඇති වූ බාධාද ඊට හේතුවී තිබේ.
පසුගිය වසරේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 12.8ක් වූ අතර, 2023 වසරට සාපේක්ෂව එය සියයට 7.02ක වර්ධනයකි.
අපනයන ආදායම වර්ධනයට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ඇතුලු කාර්මික අපනයනවල ඉහළ යාමද හේතුවූ බව මහ බැංකුව සඳහන් කරයි.