Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 මුල් මාස තුනේ සංචාරක ආදායම ඩොලර් මිලියන 1,122.3ක්

මුල් මාස තුනේ සංචාරක ආදායම ඩොලර් මිලියන 1,122.3ක්

මුල් මාස තුනේ සංචාරක ආදායම ඩොලර් මිලියන 1,122.3ක්

2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 354ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සමග මෙලෙස 2025 මුල් මාස තුනෙහි සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියනය සීමාව ඉක්මවා ගොස් ඇත.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 03හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මෙය 9.4%ක වර්ධනයක් බවයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2025 මුල් මාස 03තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 722,276කි. මේ අනුව එක් සංචාරකයෙකුගෙන් ලද ඉපැයීම් ප්‍රමාණය ඩොලර් 1,553.83ක් පමණ වේ.

2024 වසරේ මුල් මාස 03තුළ ඩොලර් මිලියන 1,025.9ක් උපයා ඇත්තේ විදෙස් සංචාරකයින් 635,784ක් පැමිණීමත් සමඟිනි.

ඒ අනුව එම කාලපරිච්ඡේදය තුළ එක් සංචාරකයෛකුගෙන් ලද ඉපැයීම ඩොලර් 1,613.59ක් ලෙසින් ගණනය කළ හැකිය.

මේ අනුව 2025 මුල් කාර්තුව තුළ සංචාරක පැමිණීමේ සහ සංචාරක ඉපැයීම්වල වාර්ෂික පදනම මත ඉහළ යාමක් වාර්තා වුවද, එක් සංචාරකයෙකුගෙන් ලබන ඉපැයීම් හි පහළ යාමක් නිරීක්ෂණය කළ හැකිවේ.

Exit mobile version