Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රන් මිලෙහි ඉතිහාසගත ඉහළ යාමක්

රන් මිලෙහි ඉතිහාසගත ඉහළ යාමක්

රන් මිලෙහි ඉතිහාසගත ඉහළ යාමක්

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඊයේ දිනයේදි (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළගිය පළමු අවස්ථාව මෙය ලෙස සැකකෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙන බවයි.

රන් සංචිතවලට මුල්තැන දෙමින් ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරායොමුවීම හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙනවා.

මේ අතර, ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව මෙරට රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබෙනවා. කොළඹ රන් වෙළෙඳපොළ ඊයේ(11) ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256,000ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Exit mobile version