Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණ නීති උල්ලංඝණය කළ ඡන්ද අපේක්ෂකයින් 14ක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ගතවූ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ ඡන්ද අපේක්ෂකයින් 14 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, පසුගිය මාර්තු 03 වැනිදා සිට අද දින (12) උදෑසන 6 දක්වා කාලය තුළ ආධාරකරුවන් 46 දෙනෙකුද අත් අඩංගුවට ගත් බවයි. පොලිසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11කි.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පොලිසියට පැමිණිලි 148ක් ලැබී තිබේ.

පොලිසිය පැවසුවේ අපරාධමය පැමිණිලි 27ක් හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 121ක් ඒ අතර වන බවයි.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්දය විමසීමට අදාලව දින 20ක් ඇතුළත පැමිණිලි 1121ක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ, ප්‍රචණ්ඩ ක්‍රියා 6ක් සහ නීති උල්ලංඝණය කිරීම් 1062ක් ඒ අතර වන බවයි.

ලද පැමිණිලිවලින් 996ක් විසඳා ඇතැයිද මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Exit mobile version