Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 34කට පසු වසාවිලාන් – පලාලි ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ

වසර 34කට පසු වසාවිලාන් – පලාලි ප්‍රධාන මාර්ගය යළි විවෘත කරයි

වසර 34කට පසු වසාවිලාන් – පලාලි ප්‍රධාන මාර්ගය යළි විවෘත කරයි

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් – පලාලි මාර්ගය අද දින (10) උදෑසන යළි විවෘත කර ඇත.

ඒ ප්‍රදේශවාසීන්ගේ සහ මහජනතාවගේ දැඩි ඉල්ලීම මතය.

මෙම මාර්ගය අධි ආරක්ෂක කලාපයක් සහ යුද හමුදා නිල නිවාස හරහා දිවෙන බැවින් ආරක්ෂක හේතුන් මත නීතිරීති මාලාවක් යටතේ මහජනතාවට විවෘත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම මාර්ගය මහජනතාවට විවෘත වන්නේ උදෑසන 6 සිට සවස 5 දක්වා පමණි.

මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගීන් සහ රියදුරන් අවශ්‍ය වූ ඕනෑම මොහොතක දී සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සුදානමින් සිටිය යුතුවේ.

අදාළ මාර්ගයේ කිසිවිටෙකත් පයින් ගමන් කිරීම හෝ පාපැදියෙන් ගමන් කිරීම තහනම් වන අතර මගී ප්‍රවාහන බස්රථ හැර අනෙකුත් බර වාහන කිසිවක් ධාවනය කළ නොහැකිය.

එමෙන්ම කිසිවිටෙකත් රථ වාහන මාර්ගයේ නවතා තැබීමක් හෝ හැරවීමක් සිදුකළ නොහැකි බවද දැනුම් දී ඇත.

කිසිදු මොහොතක ඡායාරූප ගැනීම හෝ පටිගත කිරීම තහනම් බවද අදාළ මාර්ගයේ සවිකර ඇති පුවරුවේ සඳහන් වේ.

මේ අතර, ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර් 40ක් බවද දැනුම් දී ඇත.

මාර්ගය ආරම්භක ස්ථානයේ මෙම නීතිරීති සඳහන් කරමින් දැන්වීම් පුවරුවක් සවිකර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉහත සඳහන් නීතිරීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

Exit mobile version