Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි

අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක්

අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක්

අලුත් අවුරුදු සමයේ මගීන් සඳහා ආසන වෙන් කිරීම ලබන 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

වැඩි මගීන් සංඛ්‍යාවක් බස් රථ මගින් සිය අවශ්‍යතා සපුරා ගැනීම හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම තීරණය ගෙන ඇත.

ඊට අමතරව මගී සේවා අවසර පත්‍රයේ සඳහන් මාර්ගයේ බස් රථය, අඛණ්ඩව ධාවනය කරලීම අනිවාර්යයි.

රියදුරුගේ සේවා කාලය, පැය 14 ඉක්මවන සෑම අවස්ථාවකම වෙනත් රියදුරෙකු ආදේශ කළ යුතු බව ද, ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එමෙන්ම, අවුරුදු කාලසීමාවේ මගී ප්‍රවාහන බස් රථ, විශේෂ චාරිකා සඳහා යෙදවීමද, තහනම් කර ඇත.

Exit mobile version