Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපති අරමුදල අවභාවිත කළ 22ක් ගැන CID විමර්ශන

දේශපාලකයන්ගේ දරුවන්ට-ඥාතීන්ට විදෙස් අධ්‍යාපනයට ජනපති අරමුදලෙන් කෝටි 19ක් දීලා

දේශපාලකයන්ගේ දරුවන්ට-ඥාතීන්ට විදෙස් අධ්‍යාපනයට ජනපති අරමුදලෙන් කෝටි 19ක් දීලා

පැවති ආණ්ඩු සමයේදී ජනපති අරමුදලේ මුදල් අවභාවිත කළ බව කියන පුද්ගලයන් විසිදෙදෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.

එම පුද්ගලයන් අතර දේශපාලනඥයන් වැඩි දෙනකු සිටින බවත් ඒ අය අතර පසුගිය ආණ්ඩුවල ප්‍රබල චරිත පවා සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් එකී මුදල් අවභාවිතයට අදාළ ගිණුම් 24ක් සහ අන්තර්ජාලය මඟින් සිදු කළ ඔන්ලයින් හුවමාරු 06ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අදාළ නියෝගයක් ද ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර ඇත්තේ ලද පැමිණිල්ලකට අනුවය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇතිව අදාළ ගිණුම් පරීක්ෂා කිරීමේදී බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. පුද්ගලයන් 22 දෙනකුට අදාළ චෙක්පත් 24ක් අදාළ ගිණුම් වෙත බැර වී ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

Exit mobile version