Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ – 150කු මිය ගොස්, 732ට තුවාල

බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි – 150කු මිය ගොස්, 732ට තුවාල

බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි – 150කු මිය ගොස්, 732ට තුවාල

මියන්මාරය බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු බැංකොක් අගනුවර ඉදිකෙරෙමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන්
150 දෙනෙකු මිය ගොස්, 732 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මේ අතර ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු පුද්ගලයින් 43 දෙනෙකු ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බවද තොරතුරු වාර්තා වෙනවා. මේවනවිට තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති වුණා.
එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැන්ඩලේ යනු මියන්මාරයේ සංස්කෘතික සහ ආගමික අගනුවර වෙන අතර මිලියනයක පමණ ජනතාවක් එහි වාසය කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

බෞද්ධ ආරාම සහ රජවරුන් රැඳීසිටි මාලිගාවක්ද එහි පවතින බව සඳහන්. භූ කම්පනයෙන් පෞරාණික ආගමික ස්ථාන රැසකටද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියන්මාරයේ සගායින් නගරයට කිලෝමීටර් 16ක් පමණ දුරින් කිලෝමීටර් 10ක් පමණ පොළව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරනවා.

එහි ප්‍රබලත්වය තායිලන්තය හා ගිනිකොණදිග චීනයට පවා දැනී ඇති බවයි වාර්තා වන්නේ. මියන්මාරයේ නේපිඩාව් අගනුවර මාර්ග රැසක පැලීම් ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

භූ කම්පනයෙන් අනතුරුව බැංකොක් ජනතාව නිවාසවලින් ඉවතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Exit mobile version