Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කළු මුහුදේ ආක්‍රමණ නැවැත්වීමට පෙර සම්බාධක ඉවත් කරන්න – පුටින් කොන්දේසි පනවයි

කළු මුහුදේ ආක්‍රමණ නැවැත්වීමට පෙර සම්බාධක ඉවත් කරන්න - පුටින් කොන්දේසි පනවයි

කළු මුහුදේ ආක්‍රමණ නැවැත්වීමට පෙර සම්බාධක ඉවත් කරන්න - පුටින් කොන්දේසි පනවයි

යුක්රේන යුද අර්බුදය නිමාවට පත්කිරීමේ පළමු පියවර ලෙස අමෙරිකාව විසින් රුසියාවට සහ යුක්රේනයට යෝජනා කළ කළු මුහුදේ ආක්‍රමණ නැවැත්වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කොන්දේසි පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා සෞදි අරාබියේ රියාද් නුවරදී යුක්රේන සහ රුසියානු නියෝජිතයන් සමඟ වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කළ අමෙරිකානු නියෝජිතයන්ගේ යෝජනාවකට අනුව රුසියානු සහ යුක්රේන හමුදා අතර කළු මුහුදේ සිදුවන යුද ගැටුම් නැවැත්වීමට සහ එම මුහුදු මාර්ගයේ ගමන් ගන්නා වාණිජ නෞකාවල ආරක්ෂාව සහතික කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එහෙත් කළු මුහුදේ ආක්‍රමණ නැවැත්වීමට නම් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට පනවා ඇති ඇතැම් අපනයන සම්බාධක ඉවත් කළ යුතු බව එම එකඟතාව සම්බන්ධව පෙරේදා ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.

නැඟෙනහිර යුරෝපය සහ බටහිර ආසියාව අතර අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති ලෝක ප්‍රකට මිරිදිය මුහුදක් ලෙස කළු මුහුද සැලකෙන අතර, යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු කළු මුහුද ආශ්‍රිතව දෙපාර්ශ්වය අතර ගැටුම් උද්ගත වීමෙන් ජාත්‍යන්තර වාණිජ නෞකාවලට දැඩි බලපෑම් එල්ල වී තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව රුසියාවෙන් අපනයනය කරනු ලබන කෘෂිකාර්මික සහ වෙනත් ආහාර සඳහා පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව ව්ලැදිමිර් පුටින් අවධාරණය කර ඇතැයි වාර්තා වේ. වසර 2022 පෙබරවාරියේදී රුසියානු – යුක්රේන යුද අර්බුදය ආරම්භ වීමෙන් පසු අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට එරෙහිව සම්බාධක රැසක් පැනවීමට පියවර ගෙන තිබිණි.

Exit mobile version