Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උපයන විට බදු ගෙවීම් සම්බන්ධයෙන් රජයේ නව ප්‍රතිපත්තිය ගැන ආර්ථික විශ්ලේෂකයන්ගෙන් ප්‍රශංසා සහතික

උපයන විට බදු ගෙවීම් සම්බන්ධයෙන් රජයේ නව ප්‍රතිපත්තිය

උපයන විට බදු ගෙවීම් සම්බන්ධයෙන් රජයේ නව ප්‍රතිපත්තිය

උපයන විට බදු ගෙවීම් සම්බන්ධයෙන් රජයේ නව ප්‍රතිපත්තිය ප්‍රශංසනීය බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

මෙමගින් සියලු ක්ෂේත්‍රවලට සැලකිය යුතු සහනයක් ලැබී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මාසික වැටුප රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ලැබු පුද්ගලයෙකු මීට පෙර ගෙවිය යුතු බදු මුදල රුපියල් 3500ක්.
රජයේ නව ප්‍රතිපත්තිය යටතේ එම වැටුප සදහා කිසිදු බදු මුදලක් අය කරන්නේ නැහැ.

රුපියල් ලක්ෂ දෙකක වැටුපක් සදහා පෙර පැවති ක්‍රමවේදය අනුව රුපියල් දසදහස් පන්සියක බදු මුදලක් අය කෙරෙනවා.
නව ක්‍රමවේදය යටතේ එම මුදල රුපියල් 3000ක් පමණයි.

රුපියල් දෙලක්ෂ පනස්දහසක වැටුපක් සදහා පෙර පැවති බදු මුදල රුපියල් 21000ක් එහි නව බදු මුදල වන්නේ රුපියල් 8000ක් පමණයි.

රුපියල් ලක්ෂ 3ක වැටුපක් ලබන පුද්ගලයෙකු මීට පෙර උපයන විට ගෙවු බදු මුදල රුපියල් 35,000ක්.
එහෙත් නව ක්‍රමවේදය යටතේ එය රුපියල් 18,500 දක්වා අඩු වනවා.

රුපියල් ලක්ෂ 4ක වැටුපක් වෙනුවෙන් මීට පෙර ගෙවු බදු මුදල රුපියල් 70,500ක්.

වත්මන් රජය යටතේ එය රුපියල් 50000 දක්වා අඩු වනවා. රුපියල් ලක්ෂ 5ක් ලැබු අයෙක් උපයන විට ගෙවිය යුතුව තිබු බදු මුදල 106,500 ක්.

Exit mobile version