Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආහාර නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත පුද්ගලයින් 50,000කට “ටයිපොයිඩ්” එන්නත

ආහාර නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත පුද්ගලයින් 50,000කට “ටයිපොයිඩ්” එන්නත

ආහාර නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත පුද්ගලයින් 50,000කට “ටයිපොයිඩ්” එන්නත

සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන් හි නිරත පුද්ගලයින් 50,000 ක් සඳහා “ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මගින් මේ දිනවල ක්‍රියාත්මක කර ඇත.

ගෙවුණු කාල පරිච්චේදය තුළ මෙරට “ටයිපොයිඩ්” රෝග ව්‍යාප්තිය හා රෝගය වැළදීම පිළිබඳව වාර්තා වු දත්ත පාදක කර ගනිමින් සකස් කළ ප්‍රමුඛතා ලැයිස්තුවක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ගෙවුණු කාල පරිච්ඡේදය තුළ “ටයිපොයිඩ්” රෝගය වැළදීමේ හා පැතිරීමේ වැඩි ම ප්‍රවණතාවය ආහාර පිසීම, ආහාර නිෂ්පාදනය හා අලෙවි ක්ෂේත්‍ර මුලික කර ගනිමින් සිදුවන බව ගෙවුණු වසර කිහිපයක සංඛ්‍යා ලේඛණ අනාවරණය කර ඇත. එබැවින් එම ක්ෂේත්‍රවල සේවයේ නියුතු පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංග රුවන් පතිරණ මහතා සඳහන් කළේය.

මෙම එන්නත ලබාගැනීම තුළින් “ටයිපොයිඩ්” රෝගයෙන් ආරක්ෂා වන අතර, රෝගය පැතිරීමේ අවධානමද තුරන් වේ.

මෙරට සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් දැනට ස්ථානගත කර ඇති අතර, එම පිරිස දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358 ක් තුළින් එක්රැස් කරගත් දත්ත පාදක කර ගනිමින් මෙම “ටයිපොයිඩ්” එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙහි දී ජංගම ආහාර වෙළෙන්දන්, ආපන ශාලා සේවකයින්, ජනාකීර්ණ ස්ථානවල ආහාර අලෙවි කරන්නන් මෙන්ම අධ්‍යාපන ආයතන, පාසල් සහ අනෙකුත් ආයතන වෙත සමූහ ලෙස ආහාර පිසින, අලෙවිකරන සහ බෙදාහරින පුද්ගලයින් ඉළක්ක ගත ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

“ටයිපොයිඩ්” රෝගයෙන් ආරක්ෂා වීම සදහා මෙම එන්නත වසර 03 කට වරක් ලබාගත යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන මෙම එන්නත් වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය මගින් සහ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබාගත හැකිය.

Exit mobile version