Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කල් ඉකුත්වූ ලුණු විකිණු 3කුට රුපියල් 65,000ක දඩයක්

කල් ඉකුත්වූ ලුණු කෑමට විකිණු 3කුට රුපියල් 65,000ක දඩයක්

කල් ඉකුත්වූ ලුණු කෑමට විකිණු 3කුට රුපියල් 65,000ක දඩයක්

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

කල් ඉකුත්වීම මත සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත්කරනු ලබන ආහාර මිලදී ගෙන නැවත මනුෂ්‍ය පරිභෝජනයට අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට රුපියල් 65,000ක දඩ නියමකර තිබේ.

සැකකරුන් ඊයේ (25) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඩ නියම කිරීමෙන් පසුව අදාළ නඩු භාණ්ඩ වන ලුණු කිලෝග්‍රෑම් 2,700ක ප්‍රමාණයද විනාශ කිරීමට අධිකරණය නියම කර තිබේ.

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සත්ත්ව ආහාර නිෂ්පාදකයා විසින් මෙම ලුණු මිලදී ගෙන ඇති අතර පසුව අතරමැදියකු යොදා ගනිමින් අදාල ලුණු පිටකොටුව ප්‍රදේශයේ වෙනත් වෙළෙඳසැලකට විකුණා තිබේ.

එම වෙළෙඳසැල් හිමියා විසින් වැටලීම සිදුකරනු ලබන අවස්ථාව වන විටත් මනුෂ්‍ය පරිභෝජනය සඳහා එම ලුණු පැකට් 06ක් විකුණා තිබූ බවත් විකිණීම සඳහා
තවත් කිලෝග්‍රෑම් 2,700ක තොගයක් සූදානම් කර තිබූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය මාර්තු 14 වනදා අධිකාරියේ නිලධාරීන් විසින් එම සත්ත්ව අහාර සැපයුම්කරුගේ ගබඩාව සහ සිද්ධියට අදාළ වෙනත් සිල්ලර වෙළෙඳසැලක් ඉලක්ක කර ගනිමින් වැටලීමක් සිදු කරන ලදී.

ඒ අනුව සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නීරෝ ලංකා ෆීඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට, සේදවත්ත පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කදිරවේල් ජයකුමාර් නැමැති අතරමැදියාට සහ කොළඹ 12, අසෝක ඉපෙක්ස් ආයතනයේ ගනේෂන් ශ්‍රී රාමක්‍රිෂ්ණන් යන සිල්ලර ව්‍යාපාරිකයාට එරෙහිව මෙලෙස නඩු පවසා ඇත.

එහිදී අදාළ චුදිතයන් වරද පිළිගැනීමෙන් පසුව සත්ත්ව ආහාර සැපයුම්කරුට රුපියල් 50,000ක් සහ අනෙත් චුදිතයන් දෙදෙනාට රුපියල් 7,500.00 බැගින් අධිකරණය මගින් දඩ නියමකර තිබේ.

උත්සව කාලසීමාවක් ද ඉදිරියේදී එළබෙන බැවින් අතරමැදියන් විසින් සිල්ලර වෙළෙඳසැල් වෙත සපයනු ලබන භාණ්ඩ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් සුපිරි වෙළෙදසැල් මගින් සත්ත්ව ආහාර සඳහා නිකුත් කරනු ලබන ආහාර අතර මැදියන් විසින් නැවත පාරිභෝගිකයන්ට අලෙවිකිරීමට නොහැකිවන අයුරින් නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවත් පාරිභෝගික කටයුතු පිළිබඳඅධිකාරිය සිල්ලර වෙළෙඳුන්ට මෙන්ම සුපිරි වෙළෙඳසැල් වෙතද දැනුම් දෙනු දී ඇත.

Exit mobile version