Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ මුද්‍රණාලයේ සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

රජයේ මුද්‍රණාලයේ සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

රජයේ මුද්‍රණාලයේ සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිස්ත්‍රික්ක 12කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දිස්ත්‍රික් 12ක තොරතුරු මේ වනවිට මුද්‍රණාලය වෙත ලැබී ඇති අතර සෙසු දිස්ත්‍රික්කවල තොරතුරුද ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවයි මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසුවේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණයද මුද්‍රණාලය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණය සඳහා වන මෙම සියලු මුද්‍රණ කටයුතු අප්‍රේල් මස 28 වනදා පමණ වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි මුද්‍රණාලයාධිපතිවරයා පැවසුවේ.

මේ හේතුවෙන් මුද්‍රණාලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 32 දෙනෙකු අත්අඩංගුවටද ගෙන තිබෙනවා.

Exit mobile version