Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් ඊයේ දිනයේදි (24) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත් කරයි.

ඒ අනුව,
ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් මහතා (Mr. Remi Lambert)

පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්.කලීල් මහතා (Mr.Ihab I.M. Khalil)

නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා (Dr. Purna Bahadur Nepali) පත්ව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Exit mobile version