Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සජබ ආධාරකරුවන් 33ක්, වාහන 08ක්ද සමග අත්අඩංගුවට

පෙන් ඩ්‍රයිව් එකක් අල්ලසක් ලෙස ඉල්ලූ ග්‍රාම සේවක අත්අඩංගුවට

පෙන් ඩ්‍රයිව් එකක් අල්ලසක් ලෙස ඉල්ලූ ග්‍රාම සේවක අත්අඩංගුවට

මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ඒ සඳහා සූදානම්කර තිබූ වාහන 08ක්ද අම්පිටිය ප්‍රදේශයේදී මහනුවර මූලස්ථාන පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

අපේක්ෂකයන්ගේ රුව මෙන්ම විවිධ කොඩි ඇතුළු සැරසිලි කොට තිබූ වාහන මෙලෙස තම භාරයට ගත් බවත්, මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Exit mobile version