පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ(19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම වාරණය නිකුත් කර ඇත.
ඒ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සිදු කරන ප්‍රකාශ සජීව ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීව විකාශය කිරීම අත්හිටුවන බව කථානායකවරයා ප්‍රකාශ කළේය.
මේ අනුව අද දින (20)සිට මැයි 08 දක්නා වූ දින 08ක් තුළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ ප්‍රකාශ අත්හිටුවනු ඇත.
එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව, මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවාද නැද්ද යන්න සලකා බලන බවයි කථානායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.