Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම පෙබරවාරි මාසයේදී ඉහළට

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම පෙබරවාරි මාසයේදී ඉහළට

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම පෙබරවාරි මාසයේදී ඉහළට

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 37.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 6.3%ක වර්ධනයක් බව මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම 208,253ක් ලෙස වාර්තා වුණා.
එය මෙම වසරේ ජනවාරි මාසයේදී 252,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ 218,350ක් වූ සංචාරක පැමිණීම මෙම වසරේ පෙබරවාරි මාසයේ දී 240,217ක් බව සංචාරක වාර්තා තහවුරු කරනවා.

මාර්තු මාසයේ මේ වනවිට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 97,322ක්.
පෙබරවාරි මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනයි ප්‍රංශය චීනය ඕස්ට්‍රේලියාව පෝලන්තය ඇමෙරිකාව සහ නෙදර්ලන්තය යන රටවලින්ද සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා.

Exit mobile version