Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඒකපුද්ගල මාසික වියදම – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම අනාවරණය

ඒකපුද්ගල මාසික වියදම - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම අනාවරණය

ඒකපුද්ගල මාසික වියදම - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම අනාවරණය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඒකපුද්ගල මාසික වියදම ජනවාරි මාසයේ ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ නිල දරිද්‍රතා රේඛා සටහනට අනුව එම වියදම් ඉහළ යාම සටහන්ව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ජනවාරි මාසයේ එක් පුද්ගලයෙකුට සිය අවම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා අවශ්‍ය මුදල රුපියල් 16,334ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ රුපියල් 16,191ක් ලෙස සටහන්ව තිබුණි.

වැඩිම ඒකපුද්ගල වියදමක් සහිත දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය හඳුනාගෙන ඇති අතර එම මුදල රුපියල් 17,617ක් වෙයි.

අඩුම ඒකපුද්ගල වියදමක් සහිත දිස්ත්‍රික්කය බවට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය වන අතර එම මුදල රුපියල් 15,780ක් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

Exit mobile version