Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාමයෝජනා භාරදෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම්

නාමයෝජනා භාරදෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම්

නාමයෝජනා භාරදෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම්

2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා නාමයෝජනා භාරගන්නා දිනයන්හි දී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයද පැවැත්වෙන බැවින් එම සිසු සිසුවියන්ට බාධාවක් නොවන අන්දමින් හැසිරීමට නාම යෝජනා භාරදෙන සියලුම අපේක්ෂකයින් තරයේ වගබලා ගතයුතු බව මැතිවරණ කොමිසම පවසයි.

අද (14) පස්වරුවේ මාධ්‍යවෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාව දැනුම්වත්කර ඇති බවත් එවැනි බාධාවන අන්දමින් යම් අපේක්ෂකයෙක් කටයුතු කළහොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට දැනුම්දී ඇති බවද ඒ මහතා අවධාරණය කරයි.

එමෙන්ම, නාම යෝජනා භාරගැනීම මාර්තු මස 20වනදා මධ්‍යහන 12න් පසුව අවසන්වන බවත් ඉන් පසුවද කිසිදු පෙළපාලියක්, රථවාහන පෙළපාලියක් හෝ එක්රැස්වීමක් සිදුකිරීමට නීතියෙන් අවසරයක් නොමැති බවද ඒ මහතා පවසයි.

මේ අතර, අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17වනදා සිට මාර්තු 26වනදා දක්වා පැවැත්වීමට නියමිත බැවින් ඒ වන තෙක්ද කිසිදු අයුරකින් විභාගයට පෙනිසිටින සිසු සිසුවියන්ට පීඩාකාරි ක්‍රියාවක් සිදුනොවීමට අපේක්ෂකයින් වගබලා ගතයුතු බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version