Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850ක්

පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850ක්

පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850ක්

පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850කට වැඩි ප්‍රමාණයක් පවතින බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය පවසයි.

බස්නාහිර පළාත පුරප්පාඩු 684ක්, වයඹ 503ක්, මධ්‍යම 373ක්, නැගෙනහිර 339ක්, උතුරු 239ක්, උතුරු මැද 199ක්, දකුනු 187ක්, ඌව 185ක්, සබරගමුව 161ක් ලෙස මෙම පුරප්පාඩු පවතින බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙයට අමතරව කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ පුරප්පාඩු 250ක් පවතින බවත් එයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130ක් සහ පළාත් රාජ්‍ය සේවාවේ 120ක් පමණ ඇති බැවින් එම විභාගයද කඩිනමින් පවත්වන්නැයිද ඔහු සඳහන් කළේය.

ව්‍යවස්ථානුකූලව ඒ බදවා ගැනීම් සදහා අවශ්‍ය උපදෙස් පළාත් බලධාරීන් වෙත ලබා දෙනන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගෙන් ඉල්ලීමක් කරන බවද බණ්ඩාර මහතා පවසයි.

Exit mobile version