ඇමරිකා ජනපති ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම වෙනුවට අරාබි නායකයින් විසින් ඩොලර් බිලියන 53ක විකල්ප සැලැස්මක් අනුමත කර තිබෙනවා.
ගාසාව අත්පත් කර ගැනීම හා මිලියන දෙකකට අධික පලස්තීනුවන් වෙනත් තැනක පදිංචි කිරීම ඇතුලත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසට ප්‍රතිවිරුද්ධව මෙය ඉදිරිපත් කර තිබෙනවා.
අරාබි නායකයින් විසින් ඊජිප්තු අගනුවර කයිරෝ හි පැවති හදිසි සමුළුවකදී එය අනුමත කළා.
මෙම සැලැස්ම පිටු 91කින් යුත් ලේඛනයක් ලෙස එලිදැක්වුණා.
ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසි සිය ආරම්භක අදහස් දැක්වීමේද සඳහන් කළේ මෙම සැලැස්ම කල්පවත්නා විසඳුමක් ලබා දෙනු ඇති බවයි.
නව සැලැස්ම මගින් ගාසා තීරය, සුදුසුකම් ලත් තාක්ෂණවේදීන්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක් මගින් තාවකාලිකව පවත්වාගෙන යනු ඇති.