Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජර්මනියේ මැතිවරණ ජය විපක්ෂයට; මීළඟ චාන්සලර්වරයා ෆෙඩ්රික් මර්ස්

ජර්මනියේ මැතිවරණ ජය විපක්ෂයට; මීළඟ චාන්සලර්වරයා ෆෙඩ්රික් මර්ස්

ජර්මනියේ මැතිවරණ ජය විපක්ෂයට; මීළඟ චාන්සලර්වරයා ෆෙඩ්රික් මර්ස්

ජර්මනියේ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි වුණා.

ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයට නායකත්වය දෙන ෆෙඩ්රික් මර්ස්, ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වනු ඇත.

මෙතෙක් කල් ජර්මනියේ බලයේ සිටි ඕලාෆ් ෂොල්ස් නායකත්වය දුන්, මධ්‍ය වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ප්‍රබල පරාජයක් හිමිවුණා.

මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ ජර්මන් අන්ත දක්ෂිණාංශික විකල්ප දේශපාලන කණ්ඩායමයි.

දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජර්මනියේ බලයට පත්වීම එරට දේශපාලනයේ සිදුවුණු පෙරැළියක් බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

ජර්මන් මැතිවරණ ක්‍රමය අනුව බහුතරයක් දිනාගන්නේ ඉතාමත් කලාතුරකින්.

සාකච්ඡාවලින් පසුව පක්ෂ දෙකක් හෝ වැඩි ගණනක් එක්ව සභාගයක් පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Exit mobile version