Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙරට ජනතාව දැඩි විශ්වාසයකින් – වෙරිටේ රිසර්ච් ආයතනය

රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙරට ජනතාව දැඩි විශ්වාසයකින් - වෙරිටේ රිසර්ච් ආයතනය

රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙරට ජනතාව දැඩි විශ්වාසයකින් - වෙරිටේ රිසර්ච් ආයතනය

ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙරට ජනතාව දැඩි විශ්වාසයකින් පසුවන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකික ජනතාව රජය සම්බන්ධයෙන් පවත්නා ආකල්ප මුල්කරගනිමිනුයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ.

වර්තමාන රජයේ වැඩපිළිවෙල අනුමත කරන්නේද නැද්ද යන්න ගැටලුවට 2024 පෙබරවාරි මාසයේ දී සියයට හතක පිරිසක් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබුණද මේ වන විට එය සියයට 62ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම වර්තමාන ආර්ථික තත්ත්වය විශිෂ්ඨ, හොද හෝ දුර්වල මට්ටමේ පවතින්නේද යන්න නැගු ගැටලුවට පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ධනාත්මක පිළිතුරක් ලබාදි ඇත්තේ සියයට නවයක පිරිසක් පමණයි.

මේ වන විට එය සියයට 35 දක්වා සියයට 26කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම මෙරට ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වන්නේද නැත්නම් අයහපත් අතට පත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් නැගූ පැනයට පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ සියයට නවයක පිරිසක් පමණයි.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය සියයට 55ක් වැනි ඉහළ අගයකින් ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබද තෘප්තිමත් වන්නේද යන්න පිළිබද මෙම සමීක්ෂණයේදී කරුණු විමසා ඇති අතර 2024 වසරේ පෙබරවාරි මාසයේදී රටේ තත්ත්වය පිළිබද තෘප්තිමත් වී ඇත්තේ සියයට 5ක පිරිසක් පමණයි.

මේ වන විට එය සියයට 41කින් ඉහළ ගොස් සියයට 46ක පිරිසක් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබද තෘප්තිමත් වන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

Exit mobile version