Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශන මාලාවක්

මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශන මාලාවක්

මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශන මාලාවක්

නල දරු තාක්ෂණය සහ අනෙකුත් වෛද්‍ය විද්‍යාත්මක මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහා වන මාර්ගෝපදේශන මාලාව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙම මාර්ගෝපදේශන මාලාව මදසරුභාවය සදහා ප්‍රතිකාර කරන රෝහල් සහ අනෙකුත් සියලුම සෞඛ්‍ය ආයතන මගින් අනුගමනය කළ යුතු වන අතර, මෙමගින් ප්‍රතිකාර සදහා යොමුවන රෝගීන් සඳහා වඩා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමට අදහස් කෙරේ.

මෙම මාර්ගෝපදේශන මාලාව අනුගමනය කරන ආයතන, රෝගීන්ට සත්‍ය තොරතුරු සැපයීම, වෛද්‍ය ආචාර ධර්ම අනුගමනය කිරීම, ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීම, ඇතිවන අතුරු ආබාධ වාර්තා කිරීම සහ ඒ සඳහා පිළියම් කිරීම වැනි කටයුතු ඉටු කිරීමට බැඳී සිටිය යුතු වේ.

බොහෝ බටහිර සහ ආසියාතික රටවල මදසරුභාවය සදහා ප්‍රතිකාර කරන රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන නියාමනය කිරීමට ආයතන පිහිටුවා ඇතත් මෙවැනි ආයතනයක් පිහිටුවා නොමැති අප රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙවැනි මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට කටයුතු කිරීම ඉතාම කාලෝචිත වේ.

Exit mobile version