Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 දූෂිතම රට දකුණු සුඩානය – ජාත්‍යන්තර ට්‍රාන්ස්පේරන්සි දර්ශකය

2024 දූෂිතම රට දකුණු සුඩානය - ජාත්‍යන්තර ට්‍රාන්ස්පේරන්සි දර්ශකය

2024 දූෂිතම රට දකුණු සුඩානය - ජාත්‍යන්තර ට්‍රාන්ස්පේරන්සි දර්ශකය

ජාත්‍යන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ ලොව දූෂිත රටවල් වර්ගීකරණ වාර්ෂික දර්ශකයට අනුව පසුගිය වසරේදි ලොව වඩාත්ම දූෂිත රට දකුණු සුඩානය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා නිකුත් කළ එම දර්ශකයට අනුව ඩෙන්මාර්කය දූෂණ අඩුම රට ලෙසත්, ෆින්ලන්තය සහ සිංගප්පූරුව එම දර්ශකයේ දූෂණ අඩුම රටවල් අතර දෙවැනි හා තුන්වැනි ස්ථානවලට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානය නවසීලන්තයට ලැබී ඇති අතර, ලක්ෂම්බර්ග්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය පස්වැනි ස්ථානයට පත්වී ඇතැයි වාර්තා වේ. රටවල් 180ක් ඇතුළත් එම ලැයිස්තුවට අනුව ඉන්දියාව සහ මාලදිවයින දකුණු ආසියාවේ දූෂණ අවම රට ලෙස 96වැනි ස්ථානයේ පසුවන බවත්, නේපාලය 107 ස්ථානයෙත්, ශ්‍රී ලංකාව 121 ස්ථානයෙත් පසුවන බව වාර්තා වේ. පසුගිය වසරේ දර්ශකයේ 133වැනි ස්ථානයේ පසුවූ පාකිස්තානය නවතම දර්ශකයේ 135වැනි ස්ථානයට පත්වී ඇතැයිද වාර්තා වේ.

වඩාත්ම දූෂිත රටවල් අතර දකුණු සුඩානය පළමු තැනට පත්වෙද්දී සෝමාලියාව, වෙනිසියුලාව, සිරියාව, යේමනය සහ ලිබියාව පිළිවෙළින් දෙවැනි ස්ථානයේ සිට 6වැනි ස්ථානය දක්වා ලැයිස්තුගත කර ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Exit mobile version