Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න - ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න - ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම මණ්ඩලය පවසන්නේ.

පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් පානීය සහ සනීපාරක්ෂක කටයුතුවලට සම සේ එය බෙදාහැරිය යුතු වන බවත්, වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිත කිරීම අවම කර අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දෙනවා.

එමෙන්ම මෙවැනි තත්ත්වයන් යටතේ පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදාහැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බව සඳහන්.

කෙසේවෙතත් මෙම වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදුව ඇති අපහසුතාවයන් අවම කිරීම සඳහා මණ්ඩලය උපරිම පියවර ගනිමින් සිටින අතර සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Exit mobile version