Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු.ලක්ෂ 80කට අධික මුදල් කොල්ලකෑමේ සිදුවීමකට අදාළ සැකකරුවෙකු ගුවන්තොටුපොළෙදී අත්අඩංගුවට

රු.ලක්ෂ 80කට අධික මුදලක් කොල්ලකෑමේ සිදුවීමකට අදාළ සැකකරුවෙකු ගුවන්තොටුපොළෙදී අත්අඩංගුවට

රු.ලක්ෂ 80කට අධික මුදලක් කොල්ලකෑමේ සිදුවීමකට අදාළ සැකකරුවෙකු ගුවන්තොටුපොළෙදී අත්අඩංගුවට

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් කොල්ලකෑමේ සිදුවීමකට අදාළ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළෙදී අද දින (16) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 08 වනදා යාපනය, අරියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් රුපියල් 8,478,000/=ක මුදලක් කොල්ලකෑමේ අපරාධය සම්බන්ධව යාපනය පොලිස් ස්ථානය විසින් විමර්ශන සිදුකර තිබේ.

ඒ අනුව, කොල්ලකෑමට අදාළ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.‍

එහිදී, සැකකරුව එළැඹෙන පෙබරවාරි 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර ඇත.

මෙම කොල්ලකෑම මෙහෙයවන ලද බවට සැකකරන ප්‍රධාන සැකකරු අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළින් ඩුබායි බලා පිටත්ව යාමට ගුවන් තොටුපොළට පැමිණි සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 27ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත අද දින(16) දින භාර දීමට නියමිතව සඳහන් වේ.

Exit mobile version