බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක අමෙරිකාවේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති රැසක් අවලංගු කර තිබේ.
රාජ්‍ය වියදම් අවම කිරීම වෙනුවෙන් ස්ථාපිත කෙරුණු, ඊලෝන් මස්ක් විසින් මෙහෙයවන අමෙරිකානු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට යෝජිතව තිබූ අදාළ ව්‍යාපෘති, රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් ආරක්ෂා කිරීමේ අරමුණින් අවලංගු කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ආසියාවේ ඉගෙනුම් ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා වූ ඩොලර් මිලියන 47ක ව්‍යාපෘතියක්, බංග්ලාදේශයේ භූ දේශපාලන දර්ශනය ශක්තිමත් කිරීම සඳහා වූ ඩොලර් මිලියන 29ක ව්‍යාපෘතියක්, ඉන්දියාවේ ඡන්දදායකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ඩොලර් මිලියන 21ක ව්‍යාපෘතියක් ඇතුළු රටවල් ගණනාවක් සඳහා වූ ව්‍යාපෘති 15ක් පමණ මෙලෙස අවලංගු කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.