Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිරී සම්බා සගවා තබාගත් වෙළෙන්දෙකු පිටකොටුවෙන්

කිරී සම්බා සගවා තබාගත් වෙළෙන්දෙකු පිටකොටුවෙන්

කිරී සම්බා සගවා තබාගත් වෙළෙන්දෙකු පිටකොටුවෙන්

කොළඹ 12 ප්‍රදේශයේ ගබඩාවක වැඩි මිලට අලෙවිකිරීම සඳහා කීරි සම්බා තොගයක් සඟවාගෙන සිටි වෙළෙන්ඳෙකු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සොයා ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව අද දින (15) සිදුකළ වැටලීමකදී එම සහල් තොගය සොයා ගෙන ඇත.

එහිදී සඟවාගන තිබු කීරි සම්බා කිලෝග්‍රෑම් 5ක අසුරන 950කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මෙම සහල් තොගය සඟවාගෙන සිටි ව්‍යාපාරිකයා සහ භාණ්ඩ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙළදපල සැපයුමට බාධාවන පරිදි සහල් සගවාගන තබාගැනීම සහ වැඩි මිලට අලෙවිකිරීම සිදු නොකරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙළෙදුන් දැනුවත්කරන අතර වැටලීම් සහ පරික්ෂාකිරීම් තවදුරටත් අඛණ්ඩවම දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙසත් එම වෙළදුන් සම්බන්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන් දැනුවත්කර තිබේ.

Exit mobile version