Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වානේ සහ ඇලුමිනියම් ආනයනයටත් ට්‍රම්ප්ගෙන් බද්දක්; චීනයෙන් ප්‍රතිචාර

වානේ සහ ඇලුමිනියම් ආනයනයටත් ට්‍රම්ප්ගෙන් බද්දක්; චීනයෙන් ප්‍රතිචාර

වානේ සහ ඇලුමිනියම් ආනයනයටත් ට්‍රම්ප්ගෙන් බද්දක්; චීනයෙන් ප්‍රතිචාර

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

ඇමරිකාවට ආනයනය කෙරෙන සියලු වානේ හා ඇලුමිනියම් සඳහා 25%ක අමතර තිරු බදු පැනවිමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්විමෙන් පසු ඔහු ආරම්භ කළ වෙළඳ යුද්ධය තවත් පුළුල් කරමින් ඇමරිකාවට ආනයනය කෙරෙන සියලුම වානේ හා ඇලුමිනියම් සඳහා අමතර බදු පැනවිම සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

නව තිරු බදු හේතුවෙන් ඇමරිකාවට ලෝහ ආනයනය කිරිමේදි පිරිවැය අධික ලෙස ඉහළ යනු ඇති බවට ආර්ථික විශේලේෂකයින් පෙන්වා දෙනවා.

ඇමරිකාවේ විශාලතම ලෝහ සැපයුම්කරු ලෙස කැනඩාව කටයුතු කරන අතර කැනඩාව සමග පවත්නා වෙළඳ යුද්ධය මෙම තීරණය හරහා තවදුරටත් තීව්‍ර වනු ඇති බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

ආනයන මත පදනම්ව ක්‍රියාත්මක ඇමරිකාවේ ව්‍යාපාරද නව තීරු බදු හේතුවෙන් දැඩි අසීරුතාවන්ට මුහුණ දි ඇති අතර දේශිය නිෂ්පාදන ඉහළ නැංවිමට කටයුතු කරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රතිඥා දෙනවා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පසුගිය සඳුදා (10) පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ මෙම තත්ත්වය තුළ කිසිවකු ජයග්‍රාහයකු බිහි නොවන බවයි.

ආරක්ෂණවාදයට අනාගතයක් නොමැති බවද ඔහු අවධාරණය කළා.

Exit mobile version