Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවයට නව බඳවා ගැනිම් 7456ක්

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් 5882 කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් 5882 කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා අලුතින් 7456 දෙනකු බඳවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා දින (09) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව අමාත්‍යාංශ 7කට, පළාත් සභා 2කට සහ කොමිෂන් සභාවකට වශයෙන් මේ පිරිස බඳවා ගැනීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට 3000ක්, ආරක්ෂක අමාත්‍යාංශයට 9ක්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට 179ක්, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයට 132ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට 400ක්, ප්‍රවාහන, මහාමාර්ග හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට 161ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට 3519ක්, බස්නාහිර පළාත් සභාවට 34ක්, නැඟෙනහිර පළාත් සභාවට 5ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට 17ක් වශයෙන් මේ 7,456 දෙනා බඳවා ගැනීමට නියමිතය.

Exit mobile version