Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික චිත්‍රපට සංස්ථාවේදී ඉරාන චිත්‍රපට උළෙලක්

ජාතික චිත්‍රපට සංස්ථාවේදී ඉරාන චිත්‍රපට උළෙලක්

ජාතික චිත්‍රපට සංස්ථාවේදී ඉරාන චිත්‍රපට උළෙලක්

ඉරාන චිත්‍රපට උළෙලක් එළැඹෙන 13වැනිදා සිට 15වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව 13වැනි දින සමාරම්භක උත්සවයෙන් පසු 14වැනි දින දවස පුරා ඉරාන චිත්‍රපට ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර මේ සඳහා ඇතුල්වීම නොමිලයේ සිදුවන බවද එහි සංවිධායක මණ්ඩලය පවසයි.

ඒ අනුව පෙ.ව. 10.00 ප.ව 2.00 සහ ප.ව 6.30 කාලය තුළ මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සිදුවනු ඇත.

පස්වරු 3.00ට ඉරාන චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂකවරුන් සහ ශ්‍රී ලාංකීය චිත්‍රපට බෙදාහරින්නන්, නිෂ්පාදකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ හමුවක්ද පැවැත්වීමට නියමිතය.

මේ සඳහා ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන Khajeh Pasha, Ms. Tahaei, Dr. Hesampour, Mr. Mehdi Molaei යන අයවලුන් සහභාගී වීමටද නියමිතය.

එමෙන්ම 15 වැනි දින පෙ.ව.9.30 සිට දහවල් 12.00 වැඩමුළුවක් පැවැත්වීමටද නියමිතය.

Exit mobile version