Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග – වැඩබලන පොලිස්පති

වසර 5කට පසුව පොලිස් නිලධාරීන්ට ලැබෙන උසස්වීම් ඉතා කඩිනමින්

වසර 5කට පසුව පොලිස් නිලධාරීන්ට ලැබෙන උසස්වීම් ඉතා කඩිනමින්

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද හැකියාව පවතින බවය.

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි වාර්තා නොකර නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි ප්‍රතික්ෂේප කරනු ලබන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව පැමිණිලි ලැබී ඇති බව ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතුලෙස පොලිස් ස්ථාන භාර නිලධාරීන් සහ සෙසු නිලධරයන් විවිධ කරුණු ඉදිරිපත් කරන බවට ද තොරතුරු වාර්තා වී ඇති බව සිය චක්‍රලේඛය මගින් වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි සටහන් කිරිම සහ විමර්ශනය කිරීම පොලිස් නිලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් වන බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඒ අනුව මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත ලැබෙන කිසිදු පැමිණිල්ලක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ නොහැකි බව වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Exit mobile version