Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 10ක් අත්අඩංගුවට

මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 10ක් අත්අඩංගුවට

මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 10ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර අනවසර ධීවර කටයුතු සිදු කිරීම හේතුවෙන් තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරමට දකුණෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පැමිණි මොටර් බෝට්ටුවද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දසදෙනා මන්නාරම තාල්පාඩු ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇතැයි නාවික හමුදාව සදහන් කරයි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

Exit mobile version