Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාවේ අතිරේක තීරු බදු පැනවීමට එරෙහිව යුරෝපා සංගමයේ විරෝධය

අමෙරිකාවේ අතිරේක තීරු බදු පැනවීමට එරෙහිව යුරෝපා සංගමයේ විරෝධය

අමෙරිකාවේ අතිරේක තීරු බදු පැනවීමට එරෙහිව යුරෝපා සංගමයේ විරෝධය

කැනඩාවේ, මෙක්සිකෝවේ සහ චීනයේ නිෂ්පාදිත සඳහා ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කණගාටුව පළ කර තිබෙනවා.

මෙලෙස තීරු බදු පැනවීම ආර්ථික ගැටළු සහ උද්ධමනය ඇති කරන අතරම, සියලු පාර්ශ්වයන්ට හානි කිරීමක්ද වන බවයි යුරෝපා කොමිසම පවසන්නේ.

එබැවින් අවම තීරු බදු හරහා ආර්ථික ස්ථාවරත්වය හා වර්ධනය ඉදිරියට ගෙන යාමට යුරෝපා සංගමය අඛණ්ඩව උත්සාහ කරමින් සිටින බවත් එහිදී සඳහන්ව තිබෙනවා.

එමෙන්ම ශක්තිමත් මෙන්ම නිසි නියාමනයක් මත ගොඩනැගෙන වෙළඳ පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා තම සංගමය කැපවී සිටින බවයි යුරෝපා කොමිසම පෙන්වාදෙන්නේ.

තවද යුරෝපා සංගමයේ නිෂ්පාදිත කෙරෙහි අනවශ්‍ය ලෙස තීරුබදු පැනවීම ඇතුළු අසාධාරණ පියවර ගන්නා ඕනෑම වෙළඳ හවුල්කරුවෙකුට, තම සංගමය අධිෂ්ඨානශීලීව ප්‍රතිචාර දක්වනු ඇතැයි යුරෝපා කොමිසම වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Exit mobile version