පාසල් සිසුන් සඳහා සපත්තු මිලදී ගැනීමේ වවුචර් පත්, ලබන 5 වැනිදා වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සපත්තු වවුචර් පත් හිමිවන්නේ, සිසුන් 250ට අඩු පාසල්වලටයි. එම පාසල්වල සියලු සිසුන් වෙනුවෙන් වවුචර් පත් බෙදාදීම, අවසන් අදියරේ පවතින බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර, අස්වැසුමට ඇතුළත් නොවූ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට, පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීම සඳහා වන රුපියල් 6000 දීමනාවද, ලබන 5 වැනිදා වන විට ගෙවා අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
ඒ යටතේ ප්‍රතිලාභ ලබාගන්නා සිසුන් සංඛ්‍යාව, ලක්ෂ 5කට ආසන්නයි.
සිසුන් 250ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල්වල, අස්වැසුම ප්‍රතිලාභය හිමිනොවන සියලු සිසුන්ට එය හිමි වෙයි.

