ඌව පළාත් බදුල්ල මහාධිකරණයේ දී විභාග වූ ඌව පරණගම ගලහගම මිනීමැරුම් නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය.
2004 මැයි 29වන දින ගලහගමදී, වාද්දුව ෆොන්සුගේ බන්දුල ජයවර්ධන තිසේරා නමැති එවකට 23වියේ පසුවූ අවිවාහක තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා 11ක් යටතේ විත්තිකරුවන් 13 දෙනෙකුට විරුද්ධව මෙම නඩුව පවරා තිබිණි.
නඩුවේ පළමුවැනි විත්තිකරු වූ සේනක රංජිත් ප්‍රේමරත්න නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
7වැනි විත්තිකරු වූ ආර්.පී.කේ පතිරණ නමැත්තා නඩු විභාගය අතරතුර මියගොස් ඇති බවද 12වැනි විත්තිකරු වූ රුක්මන් ඉන්දික නමැත්තා විදේශගතවී සිටින බවද නඩු විභාගයේ දී අනාවරණය විය.
මරණ දඩුවම හිමිවූ වදරකරුවන් 11 දෙනා වූයේ, රෝහන ජගත්, ගයාන් චමින්ද, පී.ඒ.නන්දකුමාර, අසංක සෙනෙවිරත්න, සුනෙත් සජීව රූපසිංහ, ඩව්ලිව්. සමන්ත, ඩබ්ලිව්. ඒ.පී.බණ්ඩාර, පී.හේමන්ත කමලසිරි, දිනේෂ් මංජුල, රුක්මන් ඉන්දික (විදේශගතව) මංජුල රත්නායක යන අයයි.
ඒ අනුව, ක්‍රියත්මක වූ පොලිසිය විසින් එදිනම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.
මරණකරුගේ හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රියලාල් විජේරත්න මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.
වසර 20කට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේ ගොණු පිටු 75කින් සමන්විත වීමද විශේෂත්වයකි.
රජයේ අධිනීතිඥ චිරස්ති සෙනෙවිරත්න මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවිය.