රේගු පරීක්ෂාවකින් තොරව ආනයනික බහාලුම් 323ක් රේගුවෙන් නිදහස් කළද ඒ හරහා අවි ආයුධ, රත්‍රං හා මත්ද්‍රව්‍ය වැනි නීතිවිරෝධි භාණ්ඩ කිසිවක් රට තුළට පැමිණීමක් සිදුව නැති බව රේගු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා නිවේදනය කරනවා.
එමෙන්ම ඒ මහතා සඳහන් කරන්නේ මෙම සිදුවීම හරහා රටට රේගු ආදායම අහිමිවිමේ හැකියාවක් නැති බවයි.
ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම යන ශිර්ෂය යටතේ මාධ්‍ය ඔස්සේ පලවන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් රේගු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කළා.
2020 වසරේ සැප්තැම්බර් මාසයේ සිට රේගුව ක්‍රියාත්මක කරන අවදානම් කළමනාකරණ මූලධර්මයට අනුව රේගු දත්ත පද්ධතිය හරහා බහාලුම් භෞතික පරීක්ෂාවකට ලක්කිරීම, ස්කෑන් පරීක්ෂාවට ලක්කිරීම, භෞතික හා ස්කෑන් යන පරීක්ෂා ද්විත්වයට ලක්කිරීම මෙන්ම භෞතික හා ස්කෑන් යන පරීක්ෂා ද්විත්වයට ලක් නොකර නිදහස් කිරීම යන ක්‍රමවේද තෝරාගෙන අවශ්‍ය කටයුතු සිදුකරන බවයි ඔහුගේ නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම ක්‍රමය යටතේ භෞතික පරීක්ෂාව සඳහා තෝරාගත් බහාලුම් නිදහස් කිරීම විවිධ හේතූන් මත ප්‍රමාද වී තිබෙනවා.
එය විශාල තදබදයක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වුණා. ඒ නිසාම අත්‍යවශ්‍ය භාණ්ඩ, කර්මාන්ත හා අනෙකුත් ව්‍යාපාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම නොයෙකුත් ආනයනික භාණ්ඩ නිශ්කාෂනය ප්‍රමාද වීම පිළිබඳ රේගුවේ විශේෂ අවධානය නිරන්තරයෙන්ම මතුවනවා.
ගැටලුව නිරාකරණයට රේගුව විවිධ උපක්‍රම භාවිත කර තිබෙනවා. එයින් එක් ක්‍රමයක් වුයේ පලපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්ෂණ ඒකකයක් පිහිටුවා එමගින් අවධානය දරාගත හැකි ගොන්නට අයත් වන බහාලුම් තෝරා නිදහස් කිරිමයි.
කෙසේ වෙතත් දැනටමත් රේගු දත්ත පද්ධතිය හරහා බහාලුම් වලින් 60%ක් පමණ දෛනික භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් වන බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම ක්‍රියාවලිය රේගුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මගින් අනුමත කර තිබෙනවා. එය අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරයෙකුගේ අධික්ෂණය යටතේ පසුගිය වසරේ ජුලි මස 18 වනදා සිට තෝරාගත් නිර්ණායක යටතේ ක්‍රියාත්මක වනවා.
එදින සිට අවස්ථානුකූලව මෙම කමිටුව කිහිපවතාවක් රැස්වී අදාල නිර්ණායකයන්ට අනුව බහාලුම් නිදහස් කිරිම සිදුකළා.
ඒ අනුව වර්තමානයේ පවතින බහාලුම් තදබදයට පිළියම් සෙවිම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි පත්කළ කමිටුව මගින්ද පසුගිය 12වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම විෂය භාර අමාත්‍යවරයා බහාලුම් නිශ්කාෂන කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට දෙන ලද උපදෙස් අනුව මුලින් දැක්වු කමිටුව ජනවාරි 18 වනදා රැස්වි අදාල නිර්ණායකයන්ට අනුව මෙම බහාලුම් නිදහස් කර තිබෙනවා.
කමිටුවේ මෙම ක්‍රියාමාර්ගය නිසා බහාලුම් තදබදය සැළකියයුතු ප්‍රමාණයකින් අවම වු අතර
එමගින් ආනයනකරුවන් විශාල පිරිසකට අඩු කාලසීමාවක් තුළ අවම වියදමකින් ආනයනයන් නිශ්කාෂනය කරගැනිමටද හැකිවු බවයි සරත් නෝනිස් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ පිළිබඳ වාර්තාවක් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
එමෙන්ම මුලින් සඳහන් කළ බහාලුම් අතර එක්පෝ ලංකා ආයතනය නමින් බහාලුම් කිසිවක් ආනයනය කර නොමැති බවද රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.