Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෙටිකාලීන බෝග සහ ගෙවතු වගාවල යෙදෙන්නන්ට ණය යෝජනා ක්‍රමයක්

කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන්නන්ට ණය යෝජනා ක්‍රමයක්

කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන්නන්ට ණය යෝජනා ක්‍රමයක්

‘සරුසාර’ නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.

ඒ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවටයි.

මෙම ණය ක්‍රමය හරහා කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍ය සපුරාලනු ඇති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේ සිට මේ දක්වා මෙම ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙයි.

කෙසේ වෙතත් මෑතකදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහබැංකු නව පනතේ විධිවිධාන පරිදි එවැනි සහනදායී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ.

ඒ අනුව 2025 වර්ෂයේ සිට ‘සරුසාර’ නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වාර්ෂික වැඩසටහනක් ලෙස මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Exit mobile version