Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමෙරිකාව කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක

අමෙරිකාව කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක

අමෙරිකාව කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක

ඇමෙරිකාව කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක පනවා තිබේ.

ඒ ඇමෙරිකාව විසින් පිටුවහල් කෙරූ සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා දෙකක් ‍කොළොම්බියාව විසින් ප්‍රතික්ශේප කිරීම සහ ඇමෙරිකානු භාණ්ඩ සඳහා 25%ක තීරුබදු වැඩි කිරීමත් සමගයි.

කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා ප්‍රතික්ශේප කිරීම තුළින් සිය ජාතික ආරක්ෂාව අනතුරේ හෙළු බවට අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

මේ අතර ඩොනල්ට් ට්‍රම්ප් නියෝග කළේ කොළොම්බියාවෙන් පැමිණෙන භාණ්ඩ සඳහාද 25%ක තිරු බදු පනවන ලෙසයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එය සතියක් තුළ 50%ක් දක්වා වර්ධනය විය හැකි බවටයි.

එමෙන්ම කොළොම්බියානු රජයේ නිළධාරීන්ට සංචාරක තහනම් වීසා අවලංගු කිරීම් සහ මූල්‍ය සම්බාධක පැනවීම කෙරෙහිද අමෙරිකානු ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කොළොම්බියානු ජනාධිපතිවරයා මෙම ගුවන් ගමන් සඳහා අවසරදී තිබු අතර පසුව ගුවන් යානා ගුවනේ තිබියදී ඔහුගේ අවසරය අවලංගු කළ බවයි.

Exit mobile version