Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන්සේවා කර්මාන්තයත් 2024දී වාර්තාගත වර්ධනයක්

ගුවන්සේවා කර්මාන්තයත් 2024දී වාර්තාගත වර්ධනයක්

ගුවන්සේවා කර්මාන්තයත් 2024දී වාර්තාගත වර්ධනයක්

ගුවන් සේවා කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය උදෙසා ගුවන්සේවා යටිතල පහසුකම් සංවර්ධනයට ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම දැඩි කැපවීමෙන් ක්‍රියා කරන බව එහි සභාපතිවරයා අවධාරණය කරනවා.

ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සඳහන් කරන්නේ පසුගිය වසරේදී ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ මගී ගුවන්යානා සහ භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් වාර්තා කර ඇති බවයි.

මගී සංචලන මිලියන 8.88ක් පසුගිය වසරේ සිදුව තිබෙනවා. එය පෙර වසරට සාපේක්ෂව 17.69%ක වර්ධනයක්.

ගුවන්යානා සංචලන 56289ක් පසුගිය වසරේදී සිදු වුණා. එය ඊට පෙර වසරට සාපේක්ෂව 20.69%ක වර්ධනයක්.

පසුගිය වසරේදී මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අනූ දෙදහස් හාරසිය අනූ අටක භාණ්ඩ ප්‍රවාහනයක් සිදු වුණා.
එය 2023 වසරට සාපේක්ෂව 21.13%ක වර්ධනයක් බවයි සභාපතිවරයා පවසා සිටින්නේ.

Exit mobile version