Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාව තුළ නිෂ්පාදනය නොකරන්නේ නම් ඉහළ තීරු බදු

ට්‍රම්ප් පරිපාලනය විදේශිකයින් 100000කගේ වීසා අවලංගු කරලා

ට්‍රම්ප් පරිපාලනය විදේශිකයින් 100000කගේ වීසා අවලංගු කරලා

සිය රට තුළ නිෂ්පාදන කටයුතු සිදු නොකරන්නේ නම් විශාල තීරු බද්දක් අය කිරීමට සිදු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

පසුගිය බ්‍රහස්පතින්දා (23) ස්විට්සර්ලන්තයේ Davos හි පැවති ලෝක ආර්ථික සංසදයේ 2025 වාර්ෂික සමුළුව වීඩියෝ ආකාරයෙන් අමතමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකාව තුළ නිෂ්පාදන සිදු නොකරන සමාගම් සඳහා ඩොලර් බිලියන සිය ගණනක හෝ ට්‍රිලියන ගණනක පවා තීරු බදුවලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

එබැවින් අමෙරිකා තුළ නිෂ්පාදන කටයුතුවල නිරත වන්නැයි තමා ගෝලීය සමාගම් වෙත දැනුම් දෙන බව ඔහු පවසා තිබෙනවා.

එසේ නොවුවහොත් ඔවුන්ට විශාල තීරු බදු ගෙවීමට සිදුවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ.

කෙසේවෙතත් අමෙරිකාවේදී නිෂ්පාදන කටයුතුවල යෙදෙන විදේශ ව්‍යවසායකයන් වෙතින් අය කෙරෙන ආයතනික බදු 15%ක් දක්වා අවම කිරීමටද ඔහු ප්‍රතිඥාදී තිබෙනවා.

එසේම, යුරෝපා සංගමය අය කරන තීරු බදු කැපී පෙනෙන ඉහළ මට්ටමක පැවතීම, අධික සීමාකාරී රෙගුලාසි සහ යුරෝපා සංගමය හා අමෙරිකාව අතර විශාල වෙළඳ හිඟයක් දක්නට ලැබීම යන කරුණු මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයාගේ විවේචනයටද ලක්ව ඇති බව සඳහන්.

මෙවැනි තත්ත්වයන් අමෙරිකාවට ඉතා අසාධාරණ බැවින් ඊට නිසි පියවර ගන්නා බවද ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

Exit mobile version